අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න

මාර්වින් විලියම්ස් විසින් රචිත ලිපි

දෙවියන්වහන්සේට යටත් වීම

තමන්ටම උදව් කරන අයට දෙවියන්වහන්සේ උදව් කරන්නේ නැත; උන්වහන්සේව විශ්වාස කරන සහ උන්වහන්සේ මත බලාපොරොත්තු තබන අයට උන්වහන්සේ උපකාර කරන සේක. ශුභාරංචි මත පදනම් වූ සාර්ථක රූපවාහිනී කතා මාලාවක් වන “ද චෝසන්” (තෝරා ගන්නා ලද) හි යේසුස්වහන්සේගේ චරිතය රඟ දක්වන නළු ජොනතන් රූමි 2018 මැයි මාසයේදී මෙය වටහා ගත්තේය. වසර අටක් තිස්සේ ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි ජීවත් වූ රූමි අන්ත…

ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් ඔබ සතු දේ භාවිතා කරන්න

කීර්තිමත් මැහුම් ශිල්පිනියන්ගේ ශාලාව ගැන ඔබ කවදා හෝ අසා තිබේද? 2001 දී පිහිටුවන ලද, එය “මැහුම් අධ්‍යාපනය සහ නිෂ්පාදන සංවර්ධනය තුළින් අද්විතීය හා නව්‍ය දායකත්වයක් ලබා දෙමින් ගෘහ මැහුම් කර්මාන්තයට කල්පවත්නා බලපෑමක් ඇති කළ” පුද්ගලයින් හඳුනා ගන්නේය. එයට 2005 දී ශාලාවට ඇතුළත් කරන ලද මාර්තා පුල්ලන් වැනි පුද්ගලයින්ද ඇතුළත් වේ, ඇයව විස්තර කරන්නේ “හිතෝපදේශ 31 කාන්තාවක් හැටියටයි . . .…

පැහැදිලි හැඬිම

ළදරුවෙකු අඬන විට, එම දරුවා වෙහෙසට පත් වී හෝ බඩගිනි වී හෝ සිටින බවට සංඥාවක්, එසේ නොවේද? බ්‍රවුන් විශ්ව විද්‍යාලයේ වෛද්‍යවරුන්ට අනුව, අලුත උපන් බිළිඳෙකුගේ හැඬීමෙහි සියුම් වෙනස්කම් වෙනත් ගැටළු සඳහා වැදගත් ඉඟි ලබා දිය හැකිය. බිළිඳාගේ මධ්‍යම ස්නායු පද්ධතියේ යම්කිසි දෝෂයක් තිබේද යන්න තීරණය කිරීම සඳහා හඩේ උස් පහත් ප්‍රමාණය, පරිමාව, සහ අඬන ශබ්දය කෙතරම් පැහැදිලිද යන්න වැනි අඬන…

දෙවියන්වහන්සේට හොඳ කරදරයක්

එක් දිනක් හයවන ශ්‍රේණියේ සිටි සිසුවෙක් තම පංතියේ මිතුරෙක් කුඩා රේසරයකින් අත කපා ගන්නවා දුටුවාය. නිවැරදි දේ කිරීමට උත්සාහ කරමින් ඇය ඔහුගෙන් එය උදුරා ගෙන ඉවතට විසි කළාය. පුදුමයට කාරණය නම් ප්‍රශංසාව වෙනුවට ඇයට ලැබුණේ දින දහයක පංති තහනමකි. මන්ද? පාසැලේ එවැනි දේවල් තහනම් කර තිබූ නිසාවෙන් ටික වේලාවකට හෝ ඇගේ අතේ රේසරය තිබුණු හෙයිනි. නැවත එසේ කරනවාදැයි ඇගෙන් විමසා…

දෙවියන්වහන්සේ සමග එකම මාර්ගයේ සිටීම

වසර ගණනාවකට පෙර සෙනග 218 ක් රැගෙන ගිය දුම්රියක් උතුරු මැද ස්පාඤ්ඤයේදී පීලි පැන 79 දෙනෙක් මිය ගිය අතර 66 දෙනෙක් රෝහල් ගත කෙරුණි. රියැදුරාට අනතුර විස්තර කළ නොහැකි වූවත් වීඩියෝ දර්ශනයන්ට එය විස්තර කිරීමට හැකි වුනි. භයානක වංගුවකට පෙර දුම්රිය අධික වේගයකින් ධාවනය වී තිබුණි. වේග සීමාවන් සකස් කර තිබුණේ දුම්රියේ ගමන් කරන සියලු දෙනාගේ ආරක්‍ෂාව සඳහාය. වසර 30…

උපකාරය සඳහා මොර ගැසීම

ඬේවිඞ් විල්ස් වෝටර්ස්ටෝන් පොත් හළේ ඉහළ මාලයේ සිටියේය. ඔහු පහළ මාලයට එන විට දොරවල් වල අගුලු දමා විදුලි පහන් නිවා දමා තිබුණි. ඔහු පොත් හළ තුළ සිරවී සිටියේය. කිසිවක් කර කියා ගත නොහැකිව ඔහු ට්විටර් පණිවුඩයක් යැවීය. “හායි වෝටර්ස්ටෝන්ස්, ට්‍රැෆල්ගාර් චතුරශ්‍රයේ ඇති ඔබගේ පොත් හළේ මම පැය දෙකක කාලයක් සිරවී සිටිමි. මාව පිටතට ගන්න”. ඔහුගේ පණිවුඩයෙන් ටික වේලාවකින් ඔහුව නිදහස්…

ප්‍රේමණීය අනතුරු ඇඟවීමක්

2010 හි ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතට එල්ල වූ සුනාමියෙන් සෙනග හාරසිය ගණනකට වඩා මිය ගියහ. නමුත් සුනාමි අනතුරු ඇඟවීමේ ජාලය හරියාකාරව ක්‍රියා කළේ නම් මරණ සංඛ්‍යාව වළක්වා ගැනීමට හෝ අඩු කර ගැනීමට හැකියාව තිබුණි. සුනාමිය ගැන දැන ගන්නා ජාලය වෙන්වී ගසා ගෙන ගොස් තිබුණි.

පසුතැවිලි නොවූ පාප ඇතුළත්ව ආත්මික සහෘද ශ්‍රාවකයන්ට හානි කරන දේවල් ගැන අනතුරු ඇඟවීමේ වගකීමක් තම ගෝලයන්ට ඇති…

ප්‍රේමය වෙනුවෙන්

මැරතන් ධාවන තරඟයක් යනු ශාරීරිකව හා මානසිකව ඔබව ඉදිරියට තල්ලු කිරීමකි. කෙසේ වෙතත්, එක් උසස් පාසල් ධාවකයෙකුට, රට හරහා දිවීමේ තරඟයකට තරඟ කිරීම යනු වෙනත් අයෙකු තල්ලු කිරීමයි. සෑම පුහුණුවීම් සහ ක්‍රීඩා තරඟවලදී, දහහතර හැවිරිදි සූසන් බර්ජ්මන් වැඩිමහල් සහෝදරයා වන ජෙෆ්රිව ඔහුගේ රෝද පුටුවේ තබා තල්ලු කර ගෙන යන්නීය. ජෙෆ්රිගේ වයස මාස විසි දෙකේදී, ඔහු හෘදයාබාධයකට ලක් වූ අතර ඔහුගේ…

කුඩා කැබැල්ලකට වඩා

අපි හැමෝම අලුත් තැනකට පදිංචියට යන විටදී අපගෙන් සුළු කොටසක් අප පදිංචිව සිටි ස්ථානයේ තබා යන්නෙමු. නමුත් පෘථිවියේ දක්ෂිණ ධ්‍රැවයේ පිහිටා තිබෙන සීතල හා පාළු ප්‍රදේශයක් වන ඇන්ටාර්ක්ටිකාවේ විලාස් ලාස් එස්ට්‍රලේලාස් හි දිගු කාලීන පදිංචිකරුවෙකු වීමට නම්, ඔබෙන් කොටසක් අතහැර දැමීම සිදුවිය යුතු දෙයකි. ආසන්නතම රෝහල සැතපුම් 625 ක් දුරින් වන හෙයින් යමෙකුගේ උණ්ඩුක පුච්ඡය පුපුරා ගියහොත් එම පුද්ගලයාට බරපතල…

“කියන” කාමරය

උතුරු ස්පාඤ්ඤය සහජීවනය සහ මිත්‍රත්වය ප්‍රකාශ කිරීමේ අලංකාර ක්‍රමයක් ඇති කළේය. ග්‍රාමීය ප්‍රදේශය අතින් සාදන ලද ගුහාවලින් පිරී ඇති හෙයින්, සෑම අස්වැන්නකට පසු, සමහර ගොවීන් ගුහාවකට ඉහළින් ඉදිකරන ලද කාමරයක වාඩි වී ඔවුන්ගේ විවිධ ආහාර තොග කිරුවෝය. කාලය ගෙවීයත්ම, එම කාමරය “කියන කාමරය” ලෙස ප්‍රසිද්ධ විය. එනම් මිතුරන් සහ පවුලේ අය ඔවුන්ගේ කථා, රහස් සහ සිහින බෙදා ගැනීමට රැස්වන හවුලේ…